එළවළු පළතුරු ආනයනයේදී කෘෂිකර්ම අමාත්‍යංශයේ අනුමැතිය ලබාගැනීම අනිවාර්ය වෙයි

එළවළු පළතුරු ආනයනයේදී කෘෂිකර්ම අමාත්‍යංශයේ අනුමැතිය ලබාගැනීම අනිවාර්ය වෙයි

June 14, 2018   06:44 am

 

මෙරට නිෂ්පාදනය කරන එළවළු , පළතුරු ඇතුළු ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමේදී මින් ඉදිරියට කෘෂිකර්ම අමාත්‍යංශයේ අනුමැතිය ලබාගැනීම අනිවාර්ය කර තිබේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ ලොකු ළූණු, අල වැනි ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමේදී එම අනුමැතිය ලබාගැනීම අනිවාර්ය බවයි.

ඒ පිළීබඳව කැබිනට් අනුමැතිය ලබාගැනීමට ද ඉදිරියේදී කටයුතු කරන බව මහින්ද අමරවීර අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර “ අපි වවලයි අපි කන්නේ” යන කඩිනම් කෘෂිකාර්මික වැඩපිළිවෙල යටතේ එළවළු සහ පළතුරු ඇතුළත් පැල කට්ටල ලක්ෂයක් ගොවි ජනතාව අතර බෙදා දීමේ වැඩසටහන අද (14) දිනයේ ආරම්භ කරන බව  මහින්ද අමරවීර අමාත්‍යවරයා සඳහන් කළේය.