ශ්‍රීලනිප 16 කණ්ඩායම හා ගෝඨාභය අතර හමුවක්
June 14, 2018 06:22 am
ජාතික ආණ්ඩුවෙන් ඉවත් සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් පැවැත්වුණි.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ආණ්ඩුවෙන් ඉවත් වූ නියෝජිත පිරිස අතර සාකච්ඡාව ඊයේ (13) පැවැත්වුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාගේ කොළඹ පිහිටි නිවසේදීයි.
මේ අතර පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ලබාදුන් තීන්දුවට අනුව ජාතික ආණ්ඩුවට එරෙහිව විපක්ෂය තවදුරටත් ශක්තිමත් කිරීම ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනාගේ කණ්ඩායමේ අරමුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි.
කොළඹ, අළුත්කඩේ අධිකරණ සංකීර්ණයේ පැවති නඩු විභාගයකට සහභාගී වීම සඳහා පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සුසිල් ප්‍රේමජයන්ත් මහතා මෙම අදහස් පළ කළේය.