පළාත් සභා මැතිවරණය මෙම වසරේ දෙසැම්බර් වන විට පවත්වනවා

පළාත් සභා මැතිවරණය මෙම වසරේ දෙසැම්බර් වන විට පවත්වනවා

June 13, 2018   07:26 pm


පළාත් සභා මැතිවරණය මෙම වසරේ දෙසැම්බර් මාසය වන විට පවත්වන බව සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

අද(13) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

මේ අතර, පාර්ලිමේන්තු අනුමැතිය හිමිවූ විශේෂ මහාධිකරණ ජූලි 4 වැනිදා ආරම්භ කරන බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්  අමාත්‍යවරුන්, පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මාසිකව පැවැත්වෙන රැස්වීමේදී රටේ අපරාධ මැඩපැවැත්වීම සඳහා තීරණ ගනු ලබන බව සමකැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය.

කුමන තරාතිරමක අයෙකු වෙනුවෙන් වුවද මේ වන විට නීතිය ක්‍රියාත්මක කර තිබෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.