කල්පිටිය ආශ්‍රිත දූපත් 13 ක සංවර්ධනයට අදාළ සැලැස්ම කඩිනමින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන්න

කල්පිටිය ආශ්‍රිත දූපත් 13 ක සංවර්ධනයට අදාළ සැලැස්ම කඩිනමින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන්න

June 13, 2018   05:15 pm

 

කල්පිටිය ආශ්‍රිත දූපත් 13 ක සංවර්ධනයට අදාළ සැලැස්ම කඩිනමින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබා දී තිබේ.

අදාල ප්‍රදේශවල ජනතාවගේ සංවර්ධන ගැටළු පිලිබඳ නිසි අවදානය යොමු කරමින් ප්‍රමුඛතාවයන් හඳුනාගනිමින් එම සැලැස්ම ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇත.

අද (13) පෙරවරුවේ පුත්තලම, මදුරන්කුලිය මර්සි අධ්‍යාපන කේන්ද්‍රයේ පැවති ග්‍රාම ශක්ති වයඹ පළාත් මෙහෙයුම් කමිටුව අමතමින් ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පල කර තබේ.

මෙහිදී ප්‍රදේශයේ ගොවි ඉඩම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පවරා ගැනීම හේතුවෙන් ගොවීන් මුහුණදී ඇති ගැටලුකාරී තත්ත්වය පිලිබදව ජනාධිපතිවරයා දැනුවත් කර තිබේ.

ඒ අනුව ගොවි ජනතාවට බාධාවකින් තොරව සිය වගා කටයුතු සිදු කරගෙන යෑමට හැකිවන අන්දමින් ස්ථිර විසඳුමක් ලබා දීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන් දැනුවත් කල බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.