රජයේ පරිපාලන නිලධාරීන් හෙට ලෙඩ වෙයි

රජයේ පරිපාලන නිලධාරීන් හෙට ලෙඩ වෙයි

June 13, 2018   05:09 pm


හෙට(14) දිනයේ රජයේ පරිපාලන නිලධාරීන් අනිවාර්ය ලෙඩ නිවාඩු ගන්නා බව රාජ්‍ය පාරිපාලන සංගමයේ ලේකම් රෝහනද සිල්වා මහතා පවසයි.

අද(13) කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළේය.

පරිපාලන සේවා නිලධාරීන්ට හිමිවිය යුතු විශේෂ දීමනාව ලබා දීමට කටයුතු නොකරන්නේ නම හෙට දිනයේ මෙම ක්‍රියා මාර්ගය ගන්නා බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය සඳහන් කළේය.

හෙට දිනයේදී සියළුම පරිපාලන සේවා නිලධාරීන් පරිපාලන අමාත්‍යංශයට කැඳවා රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට ද සැලසුම් කර ඇති බව එම සංගමය වැඩිදුරටත් පැවසීය  

මහජන දිනය පැවැත්වෙන බදාදා දිනකයේදී මෙම ක්‍රියාමාර්ගය නොගන්නා බවවත් එලෙස නොකිරීමට හේතුව බදාදා දිනයේදී ජනතාව අසීරුතාවයට පත්වන නිසා බව ඒ මාහතා පවසයි.