තැපැල් වර්ජනය නිසා 2018 ජූනි පැවැත්වීමට තිබු විභාගවල වෙනසක් නෑ

තැපැල් වර්ජනය නිසා 2018 ජූනි පැවැත්වීමට තිබු විභාගවල වෙනසක් නෑ

June 13, 2018   04:54 pm


ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින්  2018 ජූනි මස පැවැත්වීමට සංවිධානය කරන ලද සියලු විභාග නියමිත පරිදි පැවැත්වෙන අතර පවතින තැපැල් වර්ජනය හේතුවෙන් සුදුසුකම්ලත් විභාග අපේක්ෂකයෙකුහට ප්‍රවේශපත්‍ර නොලැබුණ ද විභාගය සඳහා පෙනී සිටින ලෙස විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි.

කිසියම් අපේක්ෂකයෙකුහට ප්‍රවේශපත්‍ර නොලැබී ඇත්නම් නම් පහත සඳහන් දුරකථන අංකවලින් විභාග දෙපාර්තමේන්තුවේ සංවිධාන හා විදේශ විභාග ශාඛාව විමසන මෙන් වැඩිදුරටත් විභාග දෙපාර්තමේන්තුව දන්වා සිටියි.  

දුරකථන අංක         011 2785230/011 277075

ෆැක්ස් අංක             011 2784232

තවද අදාළ විභාග සඳහා ඊට පෙනී සිටින අයදුම්කරුවන්හට විභාග දිනය හා විභාග මධ්‍යස්ථාන සඳහන් කෙටි පණිවිඩයක් අයදුම්පත්‍රයේ සඳහන් දුරකථනයට ලැබෙනු ඇති බවත්, මේ දිනවල අයදුම්පත්‍ර කැඳවා ඇති විභාග සඳහා විභාග ගාස්තු ගෙවීම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් පහසුකම් සලසා ඇති බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
 
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මඟින් 2018 ජූනි මස දී පැවැත්වීමට නියමිත ප්‍රවේශපත්‍ර තැපැල් කර ඇති විභාග සහ ප්‍රවේශ පත්‍ර මේ වනවිට තැපැල් නොකරන ලද විභාග ඇතුළත් ලේඛනයක් මේ සමඟ යොමු කර ඇති බව ද සඳහන් වෙයි.