අඩි 13 අපූරු ගෝවා ගහක් මෙන්න
June 13, 2018 11:52 am
අඩි 13 ක් පමණ උසකින් යුතු අපුරූ ගෝවා ගසක් හැටන් නගරයේදි දක්නට හැකිවිය.
හැටන් විල්ප්රඩ්පුර ප්රදේශයේ ප්රශාන්ති ප්රනාන්දු මහත්මියගේ ගෙවත්තේ මෙම ගෝවා ගස දක්නට තිබේ.
වසර තුනකට පමණ පෙර නිවසේ පරිභෝජනය සඳහා වෙළඳ පොළෙන් ගෙනආ ගෝවා අත්තක් සිටවු බවත් එය මෙතරම් වැඩුන බවත් නිවැසියන් පවසයි.
මේ සඳහා කිසිදු රසායනික පොහොර වර්ගයක් නොයෙදු බවද පවසන අතර මෙම මල්ගෝවා ගසෙන් පරිභෝජනයට කොළ ලබාගත් වාර ගනන කොතෙක් දැයි මතක නැති බවද නිවැසියන් පවසයි.