පෞද්ගලික හේතුවක් නිසා මැතිව්ස්ට කොදෙව් සංචාරය මඟ හැරෙයි

පෞද්ගලික හේතුවක් නිසා මැතිව්ස්ට කොදෙව් සංචාරය මඟ හැරෙයි

June 13, 2018   10:51 am

බටහිර ඉන්දීය කොදෙව් තරඟ සංචාරයට එක්ව සිටින තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් යළි දිවයිනට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

පෞද්ගලික හේතුවක් මත ඔහු දිවයිනට පැමිණෙන බව ක්‍රිකට් ආයතනය සඳහන් කළේය.

ඒ අනුව කොදෙව් කණ්ඩායම සමඟ හෙට (14) ආරම්භ වන දෙවන ටෙස්ට් තරඟයට මැතිව්ස් සහභාගී නොවන බව සදහන්ය.

වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු ගමගේ ද ආබාධයක් හේතුවෙන් නැවතත් දිවයිනට පැමිනෙන බව වාර්ථා වෙයි.

මෙම ක්‍රීඩකයන් දෙදෙනා වෙනුවට දසුන් ශානක සහ ධනුෂ්ක ගුණතිලක කණ්ඩාමට නම් කර තිබේ.

ඔවුන් අද(13) දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතයි.

කෙසේවෙතත් තෙවන සහ අවසන් ටෙස්ට් තරඟයට සහභාගී වීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව වාර්තා වේ.