අත්අඩංගුවට ගත් පුද්ගලයාට ගබ්සා කිරීමේ චෝදනාවට තවත් නඩු 6ක්

අත්අඩංගුවට ගත් පුද්ගලයාට ගබ්සා කිරීමේ චෝදනාවට තවත් නඩු 6ක්

June 8, 2018   09:44 am

කලක පටන් පවත්වාගෙන ගිය ගබ්සා මධ්‍යස්ථානයක් සම්බන්ධයෙන් වන තොරතුරු උකුස්සා මීට පෙර දින රට හමුවේ අනාවරණ කළේය.

අද උකුස්සාගේ අනාවරණය එම ස්ථානය වැටලූ ආකාරය පිළිබඳවයි.

ජාඇළ ක්‍රිස්තුරාජ මාවත ප්‍රදේශයේ සිංහල ආයුර්වේද මධ්‍යස්ථානයක නීති විරෝධි අයුරින් ගබ්සා මධ්‍යස්ථානයක් කලක සිට පවත්වාගෙන යන ආකාරය පිළිබඳව අද දෙරණ උකුස්සා මීට පෙර දිනයේ දී රටහමුවේ තොරතුරු අනාවරණ කළේය.

එහිදී  උපායදූතයින් ලෙස සැරසී සිටි වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් දෙදෙනාට ගබ්සාව සිදුකරන පුද්ගලයා අදාළ කටයුතු සිදුකරන ආකාරය පිළිබදව කරුණු පැහැදිලිකරන ආකාරය ගැන උකුස්සා තොරතුරු අනාවරණ කළේය.

අනතුරුව එම පුද්ගලයා ගබ්සාව සිදුකරන කාමරයක් වෙත උපායදූතයන් ලෙස සැරසී සිටි පොලිස් නිලධාරීන් රැගෙන යනු ලැබීය.

එහිදී පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ පැමිණි වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගනු ලැබීය.

මෙහිදී අත්අඩංගුවට ගත් පුද්ගලයාට මීට පෙරද ගබ්සා කිරීමේ චෝදනාව යටතේ නඩු 06ක් පවතින බවද මෙහිදී අනාවරණ විය.

ඉදිරියේදීත් මෙවැනි සමාජ විරෝධී ක්‍රියා නීතියේ රැහැනට හසුකර දීමට අද දෙරණ උකුස්සා සීරුවෙන්.