නීති විරෝධි ගබ්සා මධ්‍යස්ථානයක් හසුවු හැටි

නීති විරෝධි ගබ්සා මධ්‍යස්ථානයක් හසුවු හැටි

June 7, 2018   09:23 am

ගබ්සා මධ්‍යස්ථාන පවත්වාගෙන යාම මෙරට තුළ නීති විරෝධී වුවත් ජීවිත අවදානම් ගෙන දෙන එවන් මධ්‍යස්ථාන රහසිගතව පවත්වාගෙන යන බව නොරහසක්.

අද දෙරණ උකුස්සා එවන් මධ්‍යස්ථානයක් නීතියේ රැහැනට හසුකර දීමට සමත් විය.

ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍ර‍හයේ 303 වගන්තියට අනුව මවගේ ජීවිතය ආරක්ෂා කිරීම පිණිස මිස වෙනත් අරමුණකින් ගබ්සා කිරීම හෝ ගර්භනීභාවය අවසන් කිරීම සැලකෙන්නේ අපරාධයක් ලෙසයි.

එවැනි වැරදිවලට වසර තුන දක්වා සිර දඬුවම් හෝ දඩයක් හෝ එම දඬුවම් දෙකම පැනවිය හැකියි.

එහෙත් ශ්‍රී ලංකාවේ දිනපතා නීති විරෝධී ගබ්සා 650කට අධික ප්‍රමාණයක් සිදු වන බව වාර්තා වෙයි.

මෙවන් පසුබිමක ජාඇළ ක්‍රිස්තුරාජ මාවත ප්‍රදේශයේ සිංහල ආයුර්වේද මධ්‍යස්ථානයක කලකපටන් නීති විරෝධි අයුරින් ගබ්සා මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන බවට අද දෙරණ උකුස්සාට රහසිගත තොරතුරක් ලැබුණි.

ඒ පිළිබඳව සොයා බැලූ උකුස්සා පළමුව සූක්ෂ්ම ලෙස මෙහි  ගබ්සා සිදුකරනු ලබන පුද්ගලයාගේ මව එම ස්ථානයේදී මුණ ගැසුණි.

ඇයගෙන් තොරතුරු ලබාගැනීමෙන් අනතුරුව උකුස්සා උපායදූතයෙකු සමඟින් එම ස්ථානයට ළඟා වුණේ වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන්ද සමඟයි.

එහිදී මෙම ගබ්සා සිදුකරන පුද්ගලයා අදාළ කටයුතු සිදුකරන ආකාරය සම්බන්ධයෙන් අදහස් පල කර සිටියේය.

ඉන්පසු සිදු වූයේ කුමක්ද ?  හෙට දිනයේ දී අපි ඒ ගැන ඔබට කියන්නම්.