තෙවරප්පෙරුමට සිදුවූ අපහසුතාව ගැන දුමින්ද කණගාටුවෙන්

තෙවරප්පෙරුමට සිදුවූ අපහසුතාව ගැන දුමින්ද කණගාටුවෙන්

May 26, 2018   07:32 pm

 

ගලේවෙල රෝහලේ පැවති අනතුරු පෙරහුරු වැඩසටහනක් අතරතුර නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා රෝහල තුලට පැමිණ ඇතිවූ නොසන්සුන්තාව සම්බන්ධයෙන් ඔහුට සිදුවූ අපහසුතාව සම්බන්ධයෙන් තමා කණගාටුව පළකරන බව දුමින්ද දිසානායක අමාත්‍යවරයා පවසයි.

නිසි ආකාරයෙන් දැනුවත් කර තිබුනා නම් මෙවැනි තත්ත්වයක් ඇති නොවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.