ඇලෝසියස්ගෙන් මුදල්  ගත්තත් බැඳුම්කර හොරකම ආරක්ෂා කිරීමට කටයුතු කළේ නෑ

ඇලෝසියස්ගෙන් මුදල් ගත්තත් බැඳුම්කර හොරකම ආරක්ෂා කිරීමට කටයුතු කළේ නෑ

May 26, 2018   07:09 pm

 

මැතිවරණය සඳහා අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත්තද බැඳුම්කර හොරකම ආරක්ෂා කිරීම සඳහා කටයුතු නොකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

කෙසේ වෙතත් අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබාගෙන බැඳුම්කර හොරකම ආරක්ෂා කිරීම සඳහා කටයුතු කළ පුද්ගලයින් 118 දෙනෙකු මේ වන විට අනාවරණය වී ඇති බැවින් ඔවුන් කවුරුන්දැයි හෙළි කළ යුතු බව ඒ මහතා ප්‍රකාශ කළේය.

තමා ආණ්ඩුවේ සිටින තෙක් කිසිඳු චෝදනාවක් නොපැමිණි බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.