වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරු ජාතික ආණ්ඩුව රැකගැනීමට කටයුතු කළ යුතුයි

වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරු ජාතික ආණ්ඩුව රැකගැනීමට කටයුතු කළ යුතුයි

May 26, 2018   06:18 pm

 

වත්මන් ආණ්ඩුව තුළ රැදී සිටින මැති ඇමතිවරුන් මෙම ජාතික ආණ්ඩුව රැකගැනීමට පියවර ගත යුතු බව කෘෂිකර්ම අමාත්‍ය  මහින්ද අමරවීර මහතා පවසයි.

බාරගත් වගකීම් ඒ ආකාරයෙන්ම ඉටු කිරීමට ජාතික ආණ්ඩුවේ සියලු පාර්ශවයන් කටයුතු කළ යුතු බව අමාත්‍යවරයා පෙන්වාදෙයි.

වලස්මුල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් මහින්ද අමරවීර අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.