සයුරෙන් එතෙර
උතුරු දකුණු කොරියා නායකයෝ හදිසියේ හමුවෙති
May 26, 2018 05:43 pm
උතුරු කොරියානු නායක කිම් ජොං අන් සහ දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් අතර හමුවක් පවත්වා තිබේ.
දෙරටේ දේශ සීමාවේදී එම හමුව පැවති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මාසයක කාලයක් තුළදී දෙරටේ නායකයින් අතර සිදුවූ දෙවන හමුව මෙය බව සඳහන්ය.
දකුණු කොරියාව සහ උතුරු කොරියාව අතර ඇති ඓතිහාසික සබඳතාව නව මඟකට ගෙන ඒමේ දෙපාර්ශවයේම ප්රයත්නයක් ලෙස මෙම හමුව හඳුන්වා දිය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මේ අතර උතුරු කොරියානු නායක කිම් ජොං අන් සමඟ ජුනි 12වනදා පැවැත්වීමට නියමිත සාකච්ඡාව මීට පෙර අවලංගු කලද එය පැවැත්වීමේ හැකියාව තවදුරටත් පවතින බවට අමෙරිකානු ජනාධිපති ඊයේ (25) ප්‍රකාශ කළේය.