ඔරුවක් පෙරළී තරුණයෙක් මරුට

ඔරුවක් පෙරළී තරුණයෙක් මරුට

May 26, 2018   03:06 pm

එරාවුර් පොලිස් වසමේ සංධිවේලි ආරු කලපුවේ ධීවර කටයුතු සඳහා ඔරුවකින් ගමන් කළ තිදෙනෙකු ඔරුව පෙරළී එක් පුද්ගයෙකු මිය ගොස් ඇති අතර අනෙක් දෙදෙනා පිහිනා දිවි බේරා ගෙන ඇත.

ඊයේ(25) රාත්‍රී 10.30 ට පමණ මෙය සිදුව තිබේ.

ඔරුව පෙරළී යාමෙන් අනතුරුව දෙදෙනෙකු පිහිනා දිවි බේරා ගනු ලැබුව ද අතුරුදන් වු එක් පුද්ගලයෙකුගේ සිරුර අද(26) උදෑසන 11.30 ට පමණ හමුවී තිබේ.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස  අවුරුදු 21 ක් කෝවිල පාර, සංධිවේලි යන ලිපිනයේ පදිංචි යෝගරාසා පිරියන් යන තරුණයෙක් බව පොලීසිය පවසයි.

මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය එරාවුර් රෝහල වෙත රැගෙන යාමට නියමිතව ඇති බව ද පොලීසිය සඳහන් කරයි.

මරණය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ එරාවුර් පොලීසිය පවත්වනු ඇත.