ඩෙවෝන් ස්මිත් යළි කොදෙව් ටෙස්ට් සංචිතයට කැඳවයි

ඩෙවෝන් ස්මිත් යළි කොදෙව් ටෙස්ට් සංචිතයට කැඳවයි

May 26, 2018   03:01 pm

 

වසර තුනකට පසු ඩෙවෝන් ස්මිත් යළි බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් සංචිතයට කැඳවා තිබේ.

36 හැවිරිදි ඩෙවෝන් ස්මිත් අවසන් වරට ටෙස්ට් තරඟාවලියකට සහභාගී වී ඇත්තේ 2015 වසරේ එංගලන්තයට එරෙහිවයි.

ස්මිත් මේ දක්වා ටෙස්ට් තරඟ 37කදී ලකුණු 1593ක් රැස් කරගෙන ඇති අතර ඊට එක් ශතකයක් සහ අර්ධ ශතක 06ක් ඇතුළත්ය.

ඔහු එක් දින තරඟ 47කදී ලකුණු 1059ක් රැස්කරගෙන ඇති අතර ඊට එක් ශතකයක් සහ අර්ධ ශතක 05ක් ඇතුළත් වේ.

ඒ අනුව ඩෙවොන් ස්මිත් ජුනි මස 06 වනදා ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය සඳහා එක්වීමට නියමිතය.

මේ අතර බටහිර ඉන්දීය කොදෙව් කඩුලු රකින ක්‍රිඩක ජමාර් හැමිල්ටන් ද ශ්රිත ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරඟාවලියට යළි කැඳවා තිබෙනවා.