මහින්ද පිළිතුරු දෙන්නේ තමන්ට අභියෝගයක් වෙන අයට පමණයි

මහින්ද පිළිතුරු දෙන්නේ තමන්ට අභියෝගයක් වෙන අයට පමණයි

May 26, 2018   02:26 pm

 

ජනතාවට ලබාදුන් සහන පිළිබඳ ව්‍යාජ තොරතුරු ඇතුළත් දැන්වීම් පළ කිරීමට ආණ්ඩුව ජනතා බදු මුදල්ම වැය කරමින් සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා චෝදනා කරයි.

අනුරාධපුර ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ පිළිබඳ අදහස් පළ කළේය.

මංගල සමරවීර මහතා මහින්ද රාජපක්ෂ මහතාට අභියෝග කළද හිටපු ජනාධිපතිවරයා පිළිතුරු ලබාදෙන්නේ තමන්ට අභියෝගයක් වන පුද්ගලයින්ට පමණක් බව ඒ මහතා ප්‍රකාශ කළේය.

2014 වසරේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 60 ට වඩා අඩුවෙන් නොතිබූ බවත් වත්මන් ආණ්ඩුව බලයට පත්වු පසු 2015 වසරේ ඩොලර් 40 දක්වා පහත වැටුණු බවද ශෙහාන් සේමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.