පාර හරහා ගිය කාන්තාවක් බසයේ ගැටී මියයයි

පාර හරහා ගිය කාන්තාවක් බසයේ ගැටී මියයයි

May 26, 2018   02:21 pm


කොළඹ - මීගමුව ප්‍රධාන මාර්ගයේ කඳාන ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තිබේ.

මාර්ගය හරහා ගමන් කරමින් සිටි කාන්තාවකගේ බස් රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසුවේය.

අනතුරින් බරපතළ තුවාල ලැබූ කාන්තාව ආනියාකන්ද රෝහලට ඇතුලළත් කිරීමේදී මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ ජා -ඇල දකුණු නිවන්දම ප්‍රදේශයේ පදිංචිව සිටි 58 හැවිරිදි කාන්තාවක් බව අනාවරණය වී ඇත.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කඳාන පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.