සන්ධ්‍යා එක්නැලිගොඩට තර්ජනය කළාට ඥානසාර හිමි වැරදිකරු වෙයි

සන්ධ්‍යා එක්නැලිගොඩට තර්ජනය කළාට ඥානසාර හිමි වැරදිකරු වෙයි

May 24, 2018   04:37 pm

 

අතුරුදහන්ව සිටින මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩට මහත්මියට බැනවැදී තර්ජනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ගලගොඩඅත්තේ ඥානසාර හිමි වරදකරු බව හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණය තීන්දු කර තිබේ.

ඒ අනුව ජුනි 14 වෙනිදා ඥානසාර හිමියන්ට දඬුවම් නියම කරන බව මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

2016 වසරේ ජනවාරි 25 වෙනිදා හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණ භූමියේදී සන්ධ්‍යා එක්නැලිගොඩට මහත්මියට බැනවැදී තර්ජනය කළ බවට බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට චෝදනා එල්ල වී තිබිණි.

ඒ අනුව දණ්ඩ නීති සංග‍්‍රහයේ අංක 386 සාපාරාධී අඩත්තේට්ටම් කිරීම සහ අංක 486 යටතේ සාපරාධී බිය ගැන්වීම යන චෝදනා යටතේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව හෝමාගම පොලීසිය මඟින් පනවා තිබූ නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් මහේස්ත‍්‍රාත්වරයා විසින් මෙම තීන්දුව ප‍්‍රකාශයට පත් කර තිබේ.