නවාවි ඉල්ලා අස් වෙයි
May 23, 2018 08:02 pm
එක්සත් ජාතික පෙරමුණේ ජාතික ලැයිසිතු මන්ත්‍රී එම්.එච්.එම් නවාවි මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ සමස්ථ ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කළ නවාවි මහතා අදාළ ඉල්ලා අස්වීම පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත බාරදී ඇති බව වාර්තා වේ.
ඒ අනුව අදාළ ඉල්ලා අස්වීම පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත දැනුම් දී තිබේ.
ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් අද දෙරණ කල විමසීමකට පිලිතුරු ලබාදෙමින් එම්.එච්.එම් නවාවි මහතා සඳහන් කලේ පක්ෂයේ වෙනත් පුද්ගලයෙකුට අවස්ථාව ලබාදීමේ අරමුණින් තමන් මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස් වූ බවයි.
වසර දෙකහමාරක පමණ කාලයක් තමා මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ අතර ඉදිරි කාලය තුළ තවත් පුද්ගලයෙකුට ඒ සඳහා අවස්ථාව ලබාදීමේ අරමුණින් මෙම තීරණය ගත් බව නවාවි මහතා ප්‍රකාශ කළේය.