ගැටුම් හේතුවෙන් අන්තර් පාසල් ලීග් රග්බි තරඟාවලිය තාවකාලිකව කල් දමයි

ගැටුම් හේතුවෙන් අන්තර් පාසල් ලීග් රග්බි තරඟාවලිය තාවකාලිකව කල් දමයි

May 23, 2018   07:40 pm


පාසල් රග්බි තරඟාවලින් අනතුරුව ප්‍රෙක්ෂකයන් අතර ඇති වු ගැටුම් හේතුවෙන් අන්තර් පාසල් ලීග් රග්බි තරඟාවලියේ ඉදිරි තරඟා තාවකාලිකව කල් දැමීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කළේ ක්‍රීඩකයන්ගේ සහ විනිසුරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව රග්බි බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ තීරණයක් ගන්නා බවයි.