කඩුවෙල පාලම හෙට විවෘත කළ හැකියි

කඩුවෙල පාලම හෙට විවෘත කළ හැකියි

May 23, 2018   07:23 pm

 

කඩුවෙල-කොළඹ නව නුවර මාර්ගයේ බියගම දෙස සිට කඩුවෙලට පිවිසෙන ස්ථානයේ වසා දැමුණු මාර්ගය හෙට වන විට විවෘත කළ හැකි බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභහපති නිහාල් සූරිය ආරච්චි මහතා පවසයි.

අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ පාලම ගිලා බැසීමේ අවදානමක් මතුවූ අතර මේ හේතුවෙන් එහි රථවාහන ගමනාගමනය තාවකාලිකව නතර කිරීමට පියවර ගනු ලැබීය.

කෙසේ වෙතත් නිහාල් සූරිය ආරච්චි මහතා කියා සිටිනේනේ මාධ්‍යවලින් දැනුවත් කළ තරම් අවධානමක් එහි නොමැති බවත් ස්වභාවික කාරණයක් මත පාලමේ දකුණු ඉවුර යම් සෝදා පාළුවකට ලක්ව ඇති බවත් එයට අවශ්‍ය පිළියම් මේ වන විට යොදා ඇති බව ද පැවසීය.

අද දිනය තුළ එයට පිළියම් යොදා ඇති බවත් හෙට දිනය වන විට පාලම විවෘත කළ හැකි බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභහපතිවරයා සඳහන් කළේය.