දිස්ත්රික්ක 05 කට නායයෑමේ රතු නිවේදන
May 23, 2018 07:08 pm
දිස්ත්රික්ක 05 ක් සඳහා නායයෑම් රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.
රත්නපුර, කෑගල්ල, නුවරඑළිය, කළුතර සහ ගාල්ල යන දිස්ත්රික්ක සඳහා මෙම නිවේදන නිකුත් කර ඇති බව එම ආයතනයේ වැඩබලන අධ්යක්ෂ ගාමිණි ජයතිස්ස මහතා සඳහන් කළේය.