ටෙක්නිකල් හන්දියේ මාර ගහක් කඩා වැටීමෙන් අයෙක් රෝහලේ - මාර්ගයත් අවහිර වෙයි

ටෙක්නිකල් හන්දියේ මාර ගහක් කඩා වැටීමෙන් අයෙක් රෝහලේ - මාර්ගයත් අවහිර වෙයි

May 23, 2018   04:36 pm

 

අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ මරදාන ටෙක්නිකල් හන්දිය දුම්රිය මූලස්ථානය ඉදිරිපිට මාර ගසක් මාර්ගය හරහා කඩා වැටීම හේතුවෙන් එම මාර්ගය අවහිර වී ඇති බව පොලීසිය සඳහන් කරයි.

මාර ගස කඩා වැටීම හේතුවෙන් යතුරුපැදි කරුවෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබේ.

මේ වන විට මාර්ග සංවර්ධන අධිකාරිය සහ පොලීසිය එක්ව ගස ඉවත් කිරීමේ කටයුතු සිදුකරමින් පවතියි.