පැතිර යන උණ රෝගය නිසා දකුණේ ප්‍රදේශ කිහිපයක පාසල්වල ප්‍රාථමික අංශය වැසෙයි

පැතිර යන උණ රෝගය නිසා දකුණේ ප්‍රදේශ කිහිපයක පාසල්වල ප්‍රාථමික අංශය වැසෙයි

May 23, 2018   03:54 pm

දකුණු පළාතේ පැතිර යන වෛරස් රෝගී තත්ත්වය හේතුවෙන් එම පළාතේ අධ්‍යාපන කලාප කිහිපයක පාසල්වල ප්‍රථමික අංශ හෙට සිට ලබන 28 වනදා දක්වා තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ.

පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිමා රාසපුත්‍ර  මහතා සඳහන් කළේ මාතර, මුලටියන, අකුරැස්ස, තංගල්ල, වලස්මුල්ල, ගාල්ල, දෙනියාය සහ උඩුගම යන අධ්‍යාපන කලාපවලට අයත් පාසල්වල ප්‍රථමික අංශ මෙලෙස වසා දැමීමට තීරණය කර ඇති බවයි.

ලබන 29 වනදාට යෙදී ඇති පොහොය දින නිවාඩුව හේතුවෙන් එම පාසල්වල  ප්‍රථමික අංශ යලි ලබන 30 වනදා විවෘත කෙරෙනු ඇත.

මේ අතර දකුණු පළාතේ සියළුම පෙර පාසල් ලබන සතිය තුළද වසා දැමීමට පියවර ගන්නා ලෙස පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලීමක් කර කරයි.

ඒ අනුව ජුනි මස 04 වනදා පෙර පාසල් යලි විවෘත කෙරෙන අතර වෛරස් රෝගී තත්ත්වය හේතුවෙන් දකුණු පළාතේ පෙර පාසල් මෙම සතිය තුලද වසා දමා තිබේ.