තමිල්නාඩුවේ උද්ඝොෂණයක් අතරතුර පොලීසියේ පහරදීම්වලින් උද්ඝෝෂකයින් 09 ක් මරුට
සයුරෙන් එතෙර

තමිල්නාඩුවේ උද්ඝොෂණයක් අතරතුර පොලීසියේ පහරදීම්වලින් උද්ඝෝෂකයින් 09 ක් මරුට

May 23, 2018   03:03 pm

 

දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පැවති උද්ඝෝෂණයක් අතරතුර පොලීසිය සිදුකළ පහරදීම්වලින් උද්ඝෝෂකයින් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පරිසර විනාශයට තුඩුදෙන කර්මාන්තශාලාවකට විරෝධය පල කරමින් පැවති අදාළ උද්ඝෝෂණයට පුද්ගලයින් 5000 කට අධික පිරිසක් සහභාගී වී සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

උද්ඝෝෂකයින් රජයේ ගොඩනැඟිලිවලට ඇතුළු වීමට උත්සාහ කිරිමත් සමඟ පොලීසිය මෙම පහරදීම සිදුකර ඇති අතර උද්ඝෝෂකයින් විසින්ද පොලීසිය වෙත ගල්මුල් ප්‍රහාර එල්ල කර ඇති බව සඳහන්ය.

සිද්ධියෙන් උද්ඝෝෂකයින් 09 දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබේ.

අදාළ කර්මාන්තශාලාව පාරිසරික නීති උල්ලංඝනය කරමින් පවත්වාගෙන යාම හේතුවෙන් මීට පෙර වසා දැමුණු නමුත් එහි කටයුතු යළි ආරම්භ කිරීමට බලධාරීන් පියවර ගෙන ඇති බව වාර්තා වේ.