හම්බන්තොට පාසල් සිසුන් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්

හම්බන්තොට පාසල් සිසුන් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්

May 22, 2018   01:23 pm

 

 

හම්බන්තොට දිස්ත්‍රික්කයේ තරුණ පාසල් සිසුන් අතර ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය බෙදා හැරීම හා භාවිතය සිදු වන බවත් එය බරපතළ ගැටළුවක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

සිය ට්විටර් ගිණුමේ සඳහනක් තබමින් ඒ මහතා මේ බව පෙන්වා දී තිබේ.

මේ සම්බන්ධයෙන් ලංකාවේ බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බවත් ඒ මහතා පෙන්වා දෙයි.

එමෙන්ම මෙහි ඇති බරපතළ තත්ත්වය සම්බන්ධයෙන් තරුණ ප්‍රජාව හා සිසුන් දැනුම්වත් කර එය වැළැක්වීම සඳහා පියවර ගත යුතු බවත් ඒ මහතා පෙන්වා දී තිබේ.