දුවිලි කුණාටුවෙන් තවදුරටත් බලපෑම්
සයුරෙන් එතෙර

දුවිලි කුණාටුවෙන් තවදුරටත් බලපෑම්

May 16, 2018   07:18 pm

ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට දූවිලි කුණාටුවලින් තවදුරටත් බලපෑම් එල්ල වෙමින් තිබේ.

කුණාටු හේතුවෙන් දේපළ රැසකට දැඩි අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වෙයි.

මේ වසරේ වර්ෂා ඍතුව ආරම්භ වීමත් සමඟ ඉන්දියාවේ දූවිලි කුණාටු බහුලවී තිබේ.

වෙනත් වසරවලට සාපේක්ෂව කුණාටු වල ප්‍රබලත්වය මෙවර ඉහළ ගොස් ඇති බවත් සඳහන් වෙයි.

ගස් කඩා වැටීම නිසා දේපළවලට දැඩි අලාභ හානි සිදුව ඇති අතර විදුලි සහ සන්නිවේදන පහසුකම් විසන්ධි වී තිබේ.

ඉදිරියේදී ද දිල්ලි නගරයට තද වැසි බලාපොරොත්තු විය හැකි බවට කාලගුණ අනාවැකි පළ වෙයි.