හෙරායින් සමඟ පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට

හෙරායින් සමඟ පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට

May 16, 2018   05:20 pm

 

අම්පාර පොලිස් බල ප්‍රදේශයේ නවගම්පුර  දයාපුර ප්‍රදේශයේදි හෙරොයින් මිලි ග්‍රෑම් 1170 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙක්  අම්පාර පොලිසියේ  දුෂණ මර්ධන අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

අම්පාර  දුෂණ මර්ධන ඒකකයට ලැබුණු තොරතුරක් අනුව දින ගනනාවක් මෙම තොරතුර පස්සේ ගමන් කළ පොලිස් නිලධාරින් මෙම අත්අඩංගුවට ගැනිම සිදු කරනු ලැබීය.

එහිදි පලමුව අත්අඩංගුවට ගත් පුද්ගලයා ලග තිබී හෙරොයින් ග්‍රැම් 1 මිලි ග්‍රැම් 50 ක් තිබුනු අතර දෙවෙනුව අත්අඩංගුවට ගත් පුද්ගලයා ලඟ හෙරොයින් මිලි ග්‍රෑම් 120 ක් තිබුනු  බව පොලීසිය පවසයි.

මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේදී පවුලේ අය සහ තවත් පිරිසක් පොලිස් නිලධාරින්ට විරෝධය පල කර අතර පසුව වැටලීමට ගිය නිලධාරින් විසින් අමතර පොලිස් කණ්ඩායමක් මෙම ස්ථානයට ගෙනවිත් තිබේ.

හෙරොයින් තිබු සැකකරැවන් ගෙන් අම්පාර පොලීසිය වැඩිදුර  ප්‍රශ්ණ කරන අතර මෙම සැකකරැවන් අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබිණි.