කොන්ද පන තියෙන්නේ කාටද කියලා අපි බලන් ඉන්නවා

කොන්ද පන තියෙන්නේ කාටද කියලා අපි බලන් ඉන්නවා

May 16, 2018   04:14 pm

 

විපක්ෂය හා එක් වූ ශ්‍රීලනිප පිරිස හෙට දිනයේ ශ්‍රීලනිපයේ තීරණාත්මක මධ්‍යම කාරක සභාවක් පැවැත්වෙන බව ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

අද(16) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කර තිබේ.

එහිදී ඒ මහතා කියා සිටියේ හෙට දිනයේ පැවැත්වෙන ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව තුළදී තීරණාත්මක තීරණයක් ගැනීමට ඔවුන්ට කොන්ද පන ලැබේවායි ප්‍රාර්ථනා කරන බවයි.

කොන්ද පන ඇත්තේ කාටද යන්න තමන් බලන් සිටින බවත් ඒ මහතා පැවසීය.

මේ වන විට කෘෂි කර්මාන්තය බරපතළ අර්බුදයකට ලක්ව ඇති බව මේ අවස්ථාවට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

එහිදී මාධ්‍යවේදීන් යොමු කළ පැනයකට පිළිතුරු දෙමින් ඒ මහතා කියා සිටියේ 2020 ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන්න මෙතෙක් තීරණයක් නොමැති බවත්, ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන්න තීරණය කිරීම පිළිබඳව ඔවුන් විහිළුවටවත් කතා කර නොමැති බවයි.

එමෙන්ම 2020 ජනාධිපතිවරණයෙන් තම පක්ෂය විශිෂ්ඨ ජයක් ලබා ගන්නා බවත් ඒ මහතා කියා සිටියේය.