සිංගප්පූරු වෙළඳ ගිවිසුම ගැන පැතිර යන අසත්‍ය ප්‍රචාරවලට ඇමතිගෙන් නිවැරදි කිරීමක්
May 16, 2018 03:37 pm
2018 ජනවාරි මාසයේ දී අත්සන් තබන ලද ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳව පසුගිය සතිවල දී පැතිර ගිය අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා විසින් ප්‍රකාශය නිකුත් කර තිබේ.
එම සම්පූර්ණ ප්රකාශනය මෙසේ දැක්වෙයි.
“මෑතක දී සිංගප්පූරුව සමඟ අත්සන් තබන ලද නිදහස් වෙළඳ ගිවිසුම නිසි දැනුවත් කිරීමේ ක්‍රියාවලියකින් තොරව රාජ්‍ය ආදායමට බලපෑම් ඇතිවන ආකාරයෙන් සහ විදේශ වෘත්තිකයන් හා සේවකයන් විශාල වශයෙන් රට තුළට පැමිණෙන ලෙස සකස් කරන ලද්දක් යැයි මත ප්‍රචාරය වන ප්‍රකාශයන් සම්බන්ධයෙන් අමාත්‍යවරයා විසින් කරුණු දක්වා ඇත.
ශ්‍රී ලංකා රජය එහි නව වෙළඳ ප්‍රතිපත්තියේ අංගයක් ලෙස තෝරාගත් රටවල් සමඟ නිදහස් වෙළඳ ගිවිසුම් සඳහාඑළඹීමට සාකච්ඡාවන්හි නිරත වන බව පළමුවෙන්ම සඳහන් කළ යුතුය.
අපනයන හා අපනයන වෙළඳපොළ විවිධාංගීකරණය, ගෝලීය නිෂ්පාදන හා අගය දාමයන් සමඟ දේශීය නිෂ්පාදනකරුවන් සම්බන්ධ කිරීම, ශ්‍රී ලංකාව ගෝලීය ආර්ථිකය හා ඒකාබද්ධ කිරීම මෙම ප්‍රතිපත්තියේ ඉලක්කය වන අතර ඒ ඔස්සේ වෙළඳාම හා ආයෝජන අතර බැඳියාවක් ඇති කිරීම තුළින් රට තුළට සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය වීම සිදු වනු ඇත.
මෙම ඉලක්කය හඹා යෑමේදී, රජය විසින් සියලු පාර්ශවකරුවන් සමඟ සංවාදයේ යෙදීමේ හා දැනුවත් කිරීමේ ක්‍රියාවලියක සිටියි. මාගේ අමාත්‍යාංශය විසින් වාණිජ මණ්ඩල, වෙළඳ සමාගම් හා වෘත්තිකයන්ගේ සංවිධාන දැනුවත් කිරීමේ සාකච්ඡා නිරන්තරයෙන් පවත්වන ලදී.
එසේම, වෙළඳ ගිවිසුම් පිළිබඳ සාකච්ඡාවන්හි ප්‍රගතිය හා ඇති කර ගැනීමේ සම්භාවිතාවයක් තිබිය හැකි බැදීම් පිළිබඳවද පාර්ශවකරුවන් දැනුවත් කරන ලදී.
ඉදිකිරීම් ආශ්රත සේවාවන්, පරිගණක ආශිත සේවාවන්, සංචාරක අංශය, නාවුක අංශය හා තවත් අංශවලට අදාල පාර්ශවකරුවන් සමඟ විශේෂිත දැනුවත් කිරීම් මෙම අමාත්‍යාංශය මඟින් පවත්වන ලද අතර එම දැනුවත් කිරීම් ඉදිරියට ද සිදුවනු ඇත.
සේවා වෙළඳාම වෘත්තිකයන් හා සේවකයන් විශාල වශයෙන් මෙරටට පැමිණීමට හැකි බවට සමහර වෘත්තීය සංගම් විසින් අනිසි බියක් ඇති කරගෙන ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කොට ඇත.
සමාගම් අතර මාරුවන ඉහළ කළමනාකාරීත්වයට හා ආයෝජන සමඟ බැඳුණු සංචාරක අමුත්තන්ට හැර වෙනත් කිසිදු පුද්ගලයෙකුට මේ ඔස්සේ මෙරටට පැමිණීමට හැකියාවක් නොමැත.
එසේම (ආයෝජන හා නොබැඳුණු) නිදහස් පුද්ගල සංචරණය සම්බන්ධයෙන් කිසිඳු බැඳීමක් මේ ඔස්සේ ඇතිකර ගෙන නොමැති අතර වෙළෙඳපළ නිර්ණය, ව්‍යාපාරික ගිවිසුම් වැනි අරමුණු සඳහා පැමිණෙන ව්‍යාපාරික අමුත්තන් (business visitors) සඳහා දින 30කට නොවැඩි කාලයක් සඳහා අවස්ථාව හිමිව ඇත.
සමාගම අතර හුවමාරුවීම් (මෙරට ආයෝජනය සිදුකරන සිංගප්පුරු සමාගමක ශාඛා අතර හුවමාරු වීම්) පිළිබඳව උපලේඛනයෙහි පැහැදිලිව දක්වා ඇති අතර එම හුවමාරු කළමණාකරුවන්, විධායකයන් හා විශේෂඥයින්ට පමණක් සීමා වනු ඇත.
ඔවුන්ගේ ඇතුල්වීම ද ආරම්භයේ දී වසර 02ක් හෝ කොන්ත්‍රාත් කාලය යන දෙකෙන් අවම කාලය අනුව සිදුවනු ඇති අතර සේවා දිගුකිරීම් සමඟ මුළු කාලය වසර 05 ක් ඉක්මවා යා නොහැකි වනු ඇත.
කිසිදු සිංගප්පූරු පුරවැසියෙකුට හෝ ස්ථිර පදිංචිකරුවෙකුට නිදහස් වෘත්තීය සේවා සැපයීම සඳහා මෙරටට පැමිණීමට අවස්ථාව හිමිනොවන අතර ඉංජිනේරු හා ගෘහ නිර්මාණ සේවා නිදහස් කර ඇතැයි බවට වන ප්‍රකාශ නිවැරදි නොවේ.
කිසිදු පුද්ගලයකුගේ පැමිණීමකින් තොරව අන්තර්ජාලය ඔස්සේ සිදුකරන මූලික සැලසුම් අනුශාසකත්ව හා උපදේශන සේවා පමණක් මේ ඔස්සේ නිදහස් කොට ඇති අතර ඊට ගෘහ නිර්මාණ හෝ ඉංජිනේරු වෘත්තීන්ගේ නියැලීම ඇතුලත් නොවන බවට අප ප්‍රකාශ කරනු කැමැත්තෙමු.
මෙය අන්තර්ජාලය වැනි දුරස්ත මාධ්‍ය හරහා පමණක්ම සිදුවන අතර ආයෝජන, මෙරට ශාඛා පිහිටුවීම හෝ වෘත්තිකයන්ගේ පැමිණීම හරහා සිදු නොවේ.
මේ ආකාරයේ සේවා සැපයීම දැනට පවත්නා නීති හා රෙගුලාසි අනුව ද සිදුකළ හැකිය. තවද මෙම සේවා සැපයීමට, මෙරට සමාගමක් ඇති කිරීමට හෝ වෘත්තිකයන්ගේ පැමිණීමට මෙම ගිවිසුම හරහා අවස්ථාව හිමි නොවේ.
එසේම දැනටපවත්නා ආයෝජන ක්‍රමවේදය ඉක්මවා ගිය නිදහස්කරණයක් මෙම ගිවිසුම ඔස්සේ සිදුකොට නොමැති බව අවධාරණය කළ යුතුය.
ආගමන විගමන පනතේ ප්‍රතිපාදන දැඩි කිරීමට අදාල නව රෙගුලාසි සැකසීම අවසන් කොට ඇති අතර එය නුදුරේදීම අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කරනු ඇත.
මෙම රෙගුලාසි බලාත්මක වීමෙන් පසුව, ඒවා මඟින්, වෘත්තීය සංගම් හා අනෙකුත් පාර්ශ්වකරුවන් විසින් ඉස්මතුකල කරුණු ආවරණය කරනු ඇත. මෙම නව රෙගුලාසි මඟින්, විදේශීයපුරවැසියන් සේවයේ යෙදවීමේදී, සේවා කාණ්ඩ, සේවක හා සේව්යු වගකීම් හා සුදුසුකම් පිළීගැනීමේදී වෘත්තීය ආයතනවල භූමිකාව වැනි දෑ පිළිබඳව ක්‍රමවේද නියම කිරීම සිදුවනු ඇත.
මෙම ගිවිසුම හරහා මිලියන ගණනක සිංගප්පූරු පුරවැසියන්, ස්ථිර පදිංචිකරුවන් හා ඉන්දියානු බංගලාදේශය හා වෙනත් රටවල පුරවැසියන්ට මෙරටට පැමිණීමේ හැකියාව ලැබෙන බවට විවිධ ප්‍රකාශ නිකුත්කොට ඇත. ප්‍රථමයෙන්ම, 2017 වර්ෂයේ දී සිංගප්පූරු ස්ථිර පදිංචිකරුවන්ගේ ප්‍රමාණය 5 27,000 බව දැක්විය යුතුය.
දෙවනුව එවැනි ස්ථිර පදිංචිකරුවන්ට ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම හරහා මෙරට රැකියා කිරීමට අවස්ථාව හිමි නොවන බව පැවසිය යුතුය.
මෙරටට පැමිණීමට සුදුසුකම් ලබන්නේ මෙරට ආයෝජනය කර ඇති සිංගප්පූරු සමාගමක ශාඛා අතර හුවමාරු වන්නන්ට පමණි. තුන් වෙනුව එම පුද්ගලයන් අදාළ සමාගම තුළ මාස 12ක සේවා කාලයක් සම්පූර්ණ කොට තිබිය යුතුය.
තවද ඉහළ හැකියා සහිත ඉහළ මට්ටමේ පුද්ගලයින් පමණක් ඊට සුදුසුකම් ලබනු ඇත. මේ පිළිබඳව පැහැදිලිවම උපලේඛනයන් හි දක්වා ඇත. පස්වනුව, යම්කිසි පුද්ගලයෙකුට වෙනත් රටක “ප්රමුඛ හා වලංගු ජාතිකත්වයක්“ හිමි නම් එවැනි පුද්ගලයන් මේ සඳහා සුදුසුකම් නොලබන බව දැක්විය යුතුය.
එම නිසා සිංගප්පූරු සමාගමකට වෙනත් රටක පුරවැසියන් සේවයට බඳවා ගෙන ශ්‍රී ලංකාවේ සේවය සඳහා අන් රටකින් යෙදිවිය නොහැක. ඒ අනුව මෙම ගිවිසුම හරහා විශාල වශයෙන් වෙනත් සිංගප්පුරුනොවනජාතිකයන්ට මෙරටට පැමිණීමට අවස්ථාව ලබා දී ඇතැයි පැවසීම වැරදි හා නොමඟ යවන සුළු ප්‍රකාශ වේ.
ඉහත කරුණු සලකා බැලීමේ දී ස්ථිර පුරවැසියන්ගේ පැමිණීම ඉතාමත්ම සීමා සහිත වන අතරඑසේ පැමිණීම ශ්‍රී ලංකාවේ සිදුකරන ආයෝජන හා බැඳී පවතින බැවින් සමස්තයක් වශයෙන් රටට ප්රතිලාභ හිමිවනු ඇත.
භාණ්ඩ වෙළඳාම මෙම ගිවිසුමේ තීරුබදු නිදහස්කරණ වැඩසටහන පිළිබඳව ද විවිධ ප්‍රකාශ සිදුකර ඇත.
සිංගප්පූරුවේ දැනටමත් 99% තීරු බදු රේඛා නිදහස්කරණය කොට ඇති අවස්ථාවකදී ශ්‍රී ලංකාව 80% තීරු බදු රේඛා නිදහස් කිරීම සිදු කොට ඇති බව සත්යඛ නමුත් එය ඒක පාර්ශවික සහනයක් බව දැක්වීම නොමග යැවීමකි.
වර්තමානයේ බොහෝ නිදහස් වෙළඳ ගිවිසුම් මෙන් ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුමට වෙළඳාම, සේවා, ආයෝජන, ආර්ථික සහයෝගිතා හා වෙනත් ක්ෂේත්‍ර ආවරණය වන පරිදි පරිච්ඡේද අන්තර්ගත කොට ඇත.
එම නිසා ප්රතිලාභ කොටස් වශයෙන් වෙනම ගෙන මැනීම සිදු කල නොහැක. එක් පරිච්ඡේදයක් යටතේ සහන පිරිනැමීම් තවත් පරිච්ඡේදයක් හරහා සහන ලැබීමට හේතු වී ඇත.
ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුමේ මූලික අභිමාර්ථය සිංගප්පූරුවෙන් ශ්‍රී ලංකාවේ නිෂ්පාදන හා සේවා අංශයන්ට සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම හා ගෝලීය නිෂ්පාදන හා අගය දාමයන් සමඟ සම්බන්ධ වීම බව නැවත අවධාරණය කරනු කැමැත්තෙමි.
එසේම සිංගප්පූරුව එහි අනෙකුත් පාර්ශව රටවල් සමඟ අත්සන් තබන ලද නිදහස් වෙළඳ ගිවිසුම් පිළිබඳව සලකා බැලීමේදී, ගිවිසුම් කිහිපයක් හැරෙන්නට අනෙකුත් සියලු ගිවිසුම් හි නිදහස්කරණ මට්ටම තීරු බදු රේඛා 90%ට ආසන්න හෝ ඊට වැඩි මට්ටමක පවති.
ඒ හා සැසදීමේ දී ශ්‍රී ලංකාව නිදහස්කරණය 80% සීමා කර ඇති අතර 20% ක තීරු බදු රේඛා දේශීයව සංවේදී අංශ හා ආදායම් ආශ්රත සංවේදීතා රැක කරමින් නිශේධ ලැයිස්තුවට (තීරු බදු අඩු නොකරන) අන්තර්ගත කොට ඇත.
තවද, තීරුබදු නිදහස්කරණ වැඩසටහන ඉතාමත් සුපරික්ෂාකාරීව දේශීය කර්මාන්ත හා ආදායම් එකතු කිරීමට අවම බලපෑමක් සිදුවන පරිදි සකස් කර ඇති බව පැවසීමට කැමැත්තෙමි.
ශ්‍රී ලංකාවේ තීරු බදු නිදහස්කරණය වසර 12 සිට 15 දක්වා කාල සීමාවක් තුළ සිදු වනු ඇත. තීරු බදු නිදහස්කරණ වැඩසටහනට අනුව ගිවිසුම බලාත්මක වූ වහාම 50% තීරු බදු නිදහස් වන නමුත් මේවන විටත් එම 50% ක් වූ භාණ්ඩ තීරු බදු හා සෙස් බදු රහිත තීරු බදු රේඛා වේ.
එම නිසා රාජ්යම ආදායම් හෝ දේශීය කර්මාන්ත සඳහා එමඟින් බලපෑමක් සිදු නොවනු ඇත.
ඉන්පසුව;
-15% තීරු බදු රේඛාවන්හි බදු පලමු වසරේ සිට හයවන වසර දක්වා සමාන වාරික වලින් ඉවත් වනු ඇත.
-14.3% තීරු බදු රේඛාවන්හි බදු හත්වන වසරේ සිට දොලොස්වන වසර දක්වා සමාන වාරික වලින් ඉවත් වනු ඇත.
-0.7% තීරු බදු රේඛාවන්හි බදු එකලොස් වන වසරේ සිට පහලොස් වසර දක්වා ඉවත් වනු ඇත.
ඒ අනුව (අ) තීරු බදු අඩු කිරීම හා ඉවත් කිරීම ක්රටමක්ක්ර මිකවසිදුවන්නක් අතර (ආ) බොහෝ අර්ධ සංවේදී තීරු බදු රේඛා අදාල කරගන්නේ හත්වන වසරේ සිට දොළොස් වන වසර දක්වා වූ කාල පරිච්ඡේදය තුළ දී හෝ එකොලොස් වන වසරේ සිට පහලොස්වන වසර දක්වා වූ කාල පරිච්ඡේදය තුළදීය.
තීරු බදු නිදහස්කරණයේ ප්‍රථිපලයක් ලෙස රාජ්යා ආදායම් ගිලිහී යෑමේ අවදානම පිළිබඳව ද ඉස්මතු කොට ඇත. පැහැදිලිවම මෙය ශ්‍රී ලංකාවේ ස්ථාවරයට අදාලව වෙළඳ සාකච්ඡාවන්හිදී පදනම් කර ගන්නා ලද කරුණකි.
ගිවිසුම බලාත්මක වූ වහාම නිදහස් වන තීරු බදු රේඛාවන්,මේ වන විටත් , සියලුම රටවල් සදහා (MFN)තීරු බදු හා සෙස් බදුවලින් නිදහස් කර ඇති ඒවා බැවින්, ඒ ඔස්සේ සිදුවන බලපෑමක් නැති තරම්ය. තවද, 2017 වර්ෂයේදී සිංගප්පූරුවෙන් ආනයන කරන ලද ඇමරිකානු ඩොලර් මිලියන 1,293 වටිනා භාණ්ඩ දෙස බැලූ කල ඉන් ඇමරිකානු ඩොලර් මිලියන 750ක්ම (සිංගප්පූරුවෙන් සිදුකල මුඵ ආනයන වලින් 60%ක්ම) පෙට්ට්‍රෝලියම් හා ඒ ආශ්රත භාණ්ඩ වන අතර ඇමරිකානු ඩොලර් මිලියන 228 ක් රත්‍රං ආනයන වේ.
පෙට්ට්‍රෝලියම් භාණ්ඩ, දුම්කොළ, ස්ප්‍රීතු හා මධ්‍යසාර වැනි භාණ්ඩ මත පනවා ඇති බදු රජයේ වැදගත් ආදායම් මූලාශ්‍රයක් බැවින් එම භාණ්ඩ නිශේධ ලැයිස්තුවේ රඳවා ගනිමින් ආදායම් සුරක්ෂිත කොට ගෙන ඇත.
තීරු බදු නිදහස් කරන වැඩසටහනේ ඇති ඉතිරි ආනයනයන්ගෙන් වැඩි ප්‍රමාණයක් දේශීය කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හෝ අතර මැදි භාණ්ඩ වන අතර නිදහස්කරණය මඟින් දේශීය කර්මාන්තයන්හි තරගකාරීත්වය ඉහළ නැංවීම මෙන්ම අනෙක් අතින් ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට ප්රතිලාභ හිමිවීමට ද හේතුවක් වනු ඇත.
තීරු බදු නිදහස්කරණ වැඩසටහන මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා පවත්වා එහි අනුදැනුම හා අනුමැතිය ඇතිව සකස් කිරීම සිදු කරන ලදී.
එසේම භාණ්ඩ ප්රභවය පිළිබඳ රීති සම්බන්ධයෙන් ඔබ මතුකල කරුණූ නිවැරදි නොවේ. ශ්‍රී ලංකා - සිංගප්පූරු ගිවිසුමට අනුව සිංගප්පූරුවේ සැලකිය යුතු අගය එකතු කිරීමක් හෝ සැකසීමක් සිදු වන බව සහතික කිරීම සඳහා අවම වශයෙන් 35% අගය එකතු කිරීමේ සීමාවක් හෝ තීරු බදු ශීර්ෂ සංඛ්‍යාංක 4 මට්ටමේ වෙනස් වීමක් සිදුවිය යුතු බවට නියම කොට ඇත.
එම නිසා සිංගප්පූරුවේදී අනිවාර්යෙන්ම සිදුකල යුතු අගය එකතු කිරීමේ හා සැකසීම් මට්ටම් පනවා ඇති බැවින්, මෙම ගිවිසුමේ භාණ්ඩ ප්රභවය පිළිබඳ රීති හරහා වෙනත් රටක නිෂ්පාදිත භාණ්ඩ මෙරටට පැමිණීමට අවස්ථාව හිමි නොවේ.
වාණිජ මණ්ඩල, වෙළඳ සංගම් හා වෘත්තීය සංගම් සමග අප අමාත්‍යාංශයේ පවත්වා ගෙන යන සංවාදය අනෙකුත් යෝජිත ගිවිසුම්වලට අදාළව ද නොකඩවා ඉදිරියට පවත්වාගෙන යෑමට අපි බලාපොරොත්තු වෙමු.“