විවෘත කළත් නිර්වින්දන වෛද්‍යවරු නැතුව විවෘත නොවුන දැඩි සත්කාර ඒකකය

විවෘත කළත් නිර්වින්දන වෛද්‍යවරු නැතුව විවෘත නොවුන දැඩි සත්කාර ඒකකය

May 16, 2018   03:31 pm

 

ශ්‍රී ලංකා ජාතික දන්ත වෛද්‍ය රෝහලේ නව දැඩිසත්කාර ඒකකය ඉදිකර මේ වන විට වසරකට ආසන්න කාලයක් ගත වී තිබුණත් මෙතෙක් එය ආරම්භ කිරීමට නොහැකිව තිබේ. 

ශ්‍රී ලංකාවේ දැනට පවතින එකම දන්ත රෝහල වන්නේ ශ්‍රී ලංකා ජාතික දන්ත වෛද්‍ය රෝහලයි.

2015 වසරේ ආරම්භ කෙරුණු මෙම රෝහලේ දැඩිසත්කාර ඒකකය ඉදිකර වසරකට ආසන්න කාලයත් ගතවී තිබුණත් මේ වන තෙක් එය ආරම්භ කිරීමට නොහැකිව තිබේ.

රෝහල් බලධාරීන් පවසන්නේ දැඩි සත්කාර ඒකකයට අවශ්‍ය සියළු පහසුකම් පැවතුනත් ඒ සඳහා අවශ්‍ය නිර්වින්දන වෛද්‍යවරුන්ගේ හිඟය හේතුවෙන් එය ආරම්භ කිරීමට නොහැකි වී ඇති බවයි. 

කෙසේ වෙතත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ අවශ්‍ය වෛද්‍යවරුන් ලබාදීම සෞඛ්‍ය අමාත්‍යංශය සතු වගකීමක් බවයි.

මේ පිළිබඳ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අදහස් පල කළේය.

එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ලංකාව පුරා නිර්වින්දන වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින බවත් විශේෂඥ වෛද්‍යවරුන් ඇති කිරීම සඳහා ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවයි.