බස් ගාස්තු සංශෝධනයට අනුව නව බස් ගාස්තු මෙන්න

බස් ගාස්තු සංශෝධනයට අනුව නව බස් ගාස්තු මෙන්න

May 16, 2018   01:37 pm

බස් ගාස්තු සියයට 6.56 කින් ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලය ඊයේ (15) තීරණය කළේය.

ඒ අනුව අවම ගාස්තුව රුපියල් 10 ලෙසම තැබීමට තීන්දු කළ අතර ගමනාගමන කොමිෂන් සභාව විසින් ඒ අනුව වෙනස් වන බස් ගාස්තු අද (16) ප්‍රකාශයට පත් කර තිබිණි.

පැවති නව
10 10
13 14
17 18
21 23
25 27
29 31
34 36

කෙසේ වෙතත් සියයට 6.56 ක් ලෙස බස් ගාස්තු ඉහළ දැමිමට රජය ගත් තීරනය පිළිබඳ  බස් සංගම් ඊයේ සිය විරෝධය පළ කළ අතර ඔවුන් ඊට එරෙහිව අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක නිරත වන බව ප්‍රකාශ කළේය.