රියදුරන්ගේ-කොන්දොස්තරවරුන්ගේ-කාර්මිකයින්ගේ නිවාඩු අවලංගුයි

රියදුරන්ගේ-කොන්දොස්තරවරුන්ගේ-කාර්මිකයින්ගේ නිවාඩු අවලංගුයි

May 16, 2018   01:09 pm

 

බස් ගාස්තු ඉහළ නැංවීමට රජය ගත් තීරණයට විරෝධය පල කරමින් අද(16) මධ්‍යම රාත්‍රියේ සිට පෞද්ගලික බස් සංගම්  විසින් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති වර්ජනය හේතුවෙන් සියලුම ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ රියදුරන්ගේ , කොන්දොස්තරවරුන්ගේ සහ කාර්මිකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට තීරණය කර තිබේ.

බස් වර්ජනයට මුහුණ දීම සඳහා  ශ්‍රී  ලංකා ගමනාගමන මණ්ඩලයේ පැය 24 පුරා බස් රථ යෙදවීමට පියවර ගෙන ඇතැයිද ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා පවසයි.

දෛනික මඟී කාලසටහන අනුව නොව මඟී අවශ්‍යතාවය අනුව බස් රථ ධාවනයට එක් කරන ලෙස ද අදාළ අංශ වෙත මේ වනවිට උපදෙස් ලබාදී ඇතැයි ද රමාල් සිරිවර්ධන මහතා සඳහන් කළේ ය.

ඉන්ධන මිල වැඩීවීමත් සමඟ ඊට සමගාමීව බස් ගාස්තු සංශෝධනය කිරීම සඳහා අදාළ අමාත්‍ය මණ්ඩල  සංදේශයක් ඊයේ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරි පත් වූ අතර  බස් ගාස්තුව 6.56%කින් සංශෝධනය කිරීමට එහිදී අනුමැතිය හිමි විය.