ලක්ෂ 13 ක රන් බිස්කට් සපත්තුවේ හිරවෙයි
May 16, 2018 01:03 pm
තමන් පැළද සිටින පාවහන් තුළ සඟවා ගෙන රත්‍රං බිස්කට් දෙකක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද(16) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මොහු 31 හැවිරිදි කොළඹ, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඔහු අද අලුයම 4.35 ට පමණ ඉන්දියාවේ මුම්බායි සිට පැමිණි ජෙට් එයා වේස් ගුවන් සේවයේ 9W256 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ, එයින් පිටව යමින් සිටියදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙහි ග්‍රෑම් 100 බැගින් වූ රන් බිස්කට් 02 ක් තිබූ අතර , එහි මුළු බර ග්‍රෑම් 200 කි.
ඒවායේ මුළු වටිනාකම රුපියල් ලක්ෂ 13 ක් බව රේගුව පවසයි.
මෙම අත් අඩංගුවට ගැනීම නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන නුවන් අබේනායක , රසික සමන්ජිත් , ශ්‍රී ලාල් විජේවර්ධන, අචින්ත ජයවර්ධන සහ මහේෂ් ගුණතිලක යන මහත්වරුන් විසින් සිදු කර තිබුණි.
කටුනායක ගුවන් තොටුපොළ රේගු අධ්යක්ෂ ඕ.එම්.ජාබීර් මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය රේගු අධ්යක්ෂවරුන් වන ඕ.ජේ.ඔබේසේකර සහ විරාජ් විජේවර්ධන යන මහත්වරුන් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.