A9 මාර්ගයේ අනතුරකින් පුද්ගලයෙකු මරුට

A9 මාර්ගයේ අනතුරකින් පුද්ගලයෙකු මරුට

May 16, 2018   12:49 pm

 

යාපනය නුවර ඒ9 ප්‍රධාන මාර්ගයේ වව්නියාව තාණ්ඩිකුලම ප්‍රදේශයේ අද (16) උදැසන සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව වව්නියාව පොලීසිය පවසයි.

පොලීසිය පැවසූවේ වව්නියාව දෙස සිට යාපනය දෙසට ගමන් කළ ලොරි රථයක් ඕමන්ත සිට වව්නියාව දෙසට ගමන්ගත් පාපැදියක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් ඕමන්ත සින්නකුලම ප්‍රදේශයේ පදිංචි එස්.රාජන් නමැති 50 හැවිරිදි පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවද පොලීසිය පැවසීය.

පොලීසිය පැවසූවේ ලොරි රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් බරපතළ තුවාල ලබා රෝහල්ගත කළ පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත්ව ඇති බවද පොලීසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් වව්නියාව පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.