නියෝජ්‍ය ඇමති තෙවරප්පෙරුමට එරෙහිව විරෝධතාවයක්

නියෝජ්‍ය ඇමති තෙවරප්පෙරුමට එරෙහිව විරෝධතාවයක්

May 16, 2018   11:56 am

 

රාජ්‍ය නිලධාරින්ට බැන වදිමින් වගාවට හානි කරන කුළු හරක් රක්ෂිතයට මුදා හැරි  වනජිවි නියෝජ්‍ය අමාත්‍යය පාලිත තෙවලප්පෙරුම මහතාට එරෙහිව විරෝධය පාමින් අඹේවෙල ප්‍රදේශයේ ගොවීන් පිරිසක් අඹේවෙල දුම්රිය ස්ථානය අසල උද්ඝෝෂනයක් ආරම්භ කර තිබේ.

නියෝජ්‍ය අමාත්‍යවරයා හොර්ටන් තැන්න ප්‍රදේශයේ සංචාරයක් අතරතුර අඹේවෙල ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට මායිම්ව ගැට ගසා තිබු කුළු හරක් 7 දෙනෙකු රක්ෂිතයට මුදා හැර නුවරඑළිය ප්‍රාදේශිය ලේකම්වරියට හා කාෂිකර්ම පර්යේෂණ නිලධාරියට බැව වැදුනේ යැයි කියන සිද්ධියට විරෝධය පාමින් අඹේවෙල ප්‍රදේශයේ ගොවින් මෙම උද්ඝෝෂනය සිදු කරනු ලබයි.

වැලිමඩ ප්‍රදේශයේ එලවළු වගාව සඳහා ගොවීන් විසින් ඇති කරන ලද මී  හරක් මිට වසර කිහිපයකට ප්‍රථම කැලැයට මුදා හැර ඇති බවත් එම මීහරක් මේ වන විට කැලෑ වැදී එම සතුන් 150-200 අතර ප්‍රමාණයක් කුළු හරක් වශයෙන් බෝ වී රංචු වශයෙන් ගම් වැදි වගාවන්ට හානි සිදු කරන බවත් ඇතැම් අවස්ථාවල එම සතුන් ප්‍රදේශවාසින් හා එම මාර්ගය හරහා ගමන්ගන්නා  සංචාරකයින්ට පහර  දෙන බව උද්ඝෝෂනයේ නියැලි අඹේවෙල ප්‍රදේශයේ ගොවින් කියා සිටියි.

මේ සම්බන්ධයෙන් නුවරඑළිය කෘෂිකර්ම කමිටුවේ නිර්දේශයක් මත ගම් වදින කුළු හරක් අල්ලා මෙල්ල කර අම්බලන්ගොඩ ප්‍රදේශයේ ගොවිපලකට නිතියානුකුලව රැගෙන යාමට තිබියදි එම මාර්ගයේ ගමන් ගත් නියෝජ්‍ය අමාත්‍යවරයා එම ස්ථානයට පැමිණ මාධ්‍ය සංදර්ශනයක් පවත්වමින් රාජ්‍ය නිලධාරින්ට පරුෂ වචනයෙන් බැන වැදි මෙල්ල කිරිමට ගැට ගසා තිබු කුළු හරක් රක්ෂිතයට මුදා හැරි බව උද්ඝෝෂයේ නියැලි ගොවින් කියා සිටියි.

තම වගාවට විශාල වශයෙන් හානි සිදු කරන කුළු හරක් යලිත් වරක් අල්ලා වෙනත් ප්‍රදේශයකට රැගෙන යන ලෙස උද්ඝෝෂනයේ නියැලි ගොවින් අදාළ නිලධාරින්ගෙන් ඉල්ලා සිටියි.

නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් මාධ්‍ය හමුවේ සිදු කර ඇති ප්‍රකාශ පදනම් විරහිත බවත් නිත්‍යානුකුතව එම කුළු හරක් රැගෙන යාමට පැමිණි කිසිවෙකුත් පට්ටිපොල පොලීසිය විසින් අත්අඩංගුවට ගැනිමක් සිදු නොකල බවද උද්ඝෝෂනයේ නියැලි අඹේවෙල ගොවීන්  වැඩි දුරටත් කියා සිටියි.