ඕනම වෙලාවක තනතුරු අත්හරින්න මම සූදානම්
May 16, 2018 11:38 am
ඕනෑම අවස්ථාවක තනතුරු අත්හැරීමට තමන් සූදානම් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
කැස්බෑව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධූරයෙන් ඉවත් වන බවට පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ තමන් වැඩ කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බවත් එම නිසා තනතුරුවලින් වැදගත් කමක් නොමැති බවයි.
2020 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ සියලු ජාතීන්ගේ විශ්වාස දිනාගත් ජාත්‍යන්තර ජයගත් දූෂණයට වංචාවට විරුද්ධ දේශපාලඥයෙක් වන වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 2020 ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට හොඳම සුදුස්සා බවයි.