එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මතවාදයන් යළි හිස එසවීමට එරෙහිව රජය මැදිහත් විය යුතුයි

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මතවාදයන් යළි හිස එසවීමට එරෙහිව රජය මැදිහත් විය යුතුයි

May 16, 2018   11:31 am

විජයග්‍රහණයේ සැමරුම යෙදෙන දිනයේ එල්.ටී.ටී.ඊ සංවිධානය ප්‍රවර්ධනය කිරීමට යම් පාර්ශවයක් කටයුතු කරන්නේ ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ජාතික හෙළ උරුමය පවසයි.

එහි ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා දෙරණ වාද පිටිය වැඩසටහනට ඊයේ(15 ) එක්වෙමින් මේ බව සඳහන් කළේය.

88 - 89 කාලයේ මෙරට ඇති වු යුද්ධයත් සමඟ විශාල ජිවිත හානියක් සිදු වු නමුත් පැවති තත්ත්වය පරාජය කළ බව ද වර්ණසිංහ මහතා පැවසීය.

නමුත් දිගින් දිගටම විජයග්‍රාහී දිනය සමරනවා යනු, සාමය, සංහිඳියාව හා සහජීවනයට අත දිගු කිරීමක් බවත්, එම ලිහිල් බව උපයෝගී කර ගනිමින් ඉතාම සංවිධානාත්මක ලෙස ඇතැම් කණ්ඩායම් නැවත වතාවක් දෙමළ සමාජය තුළ ගැටුම් ඇති කිරීමට උත්සහ ගන්නා බව ද වර්ණසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ තුළින් නැවත වතාවක් එල්.ටී.ටී.ඊ. සංවිධානය ප්‍රවර්ධනය කිරීමට හෝ එම සංවිධානයේ මතවාදයන් ප්‍රචාරය කිරීමට උත්සහ දරන්නේ නම් රජය ඒ සඳහා මැදිහත් වීම අනිවාර්ය කටයුත්තක් බවත් එය හුදු වචනයක් පමණක් නොවිය යුතු බවත් නිශාන්ත ශ්‍රි වර්ණසිංහ මහතා පවසයි.