කොළඹ දිස්ත්‍රික් බස් මඟීන්ගේ සංගමය වර්ජනයට නෑ

කොළඹ දිස්ත්‍රික් බස් මඟීන්ගේ සංගමය වර්ජනයට නෑ

May 16, 2018   11:26 am

 


අද මධ්‍යම රාත්‍රියේ සිට බස් හිමියන්ගේ සංගම් විසින් සිදු කිරීමට නියමිත වර්ජනය සඳහා කොළඹ දිස්ත්‍රික් බස් මඟීන්ගේ සංගමය විරෝධය පළ කරන බව එම සංගමය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේ බව පෙන්වා දී තිබේ.

එම නිවේදනය,

මාධ්‍ය නිවේදනයයි

අසාධාරණ ලෙස බස් ගාස්තු ඉහළ දැමීමේ ඉල්ලීමට විරෝධතාවය පළකිරීම.

දිනපතා පොදු ප්‍රවාහන බස් රථ සේවා භාවිතාකරන ලක්ෂ ගණනක් වූ බස් රථ මඟීන් වෙනුවෙන් පෙනී සිටින එකම සංගමය වන‘කොළඹ දිස්ත්‍රික් බස් මඟීන්ගේ සංගමය’ සුවපහසු සහ ගුණාත්මක බස් මඟී ප්‍රවාහන සේවාවක් දිනා ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වේ.

පැවතී අප සංගමයේ සම්බන්ධීකරණ කමිටු සාකච්ඡාවේ දී කැබිනට් මණ්ඩලයේ දී අනුමත වූ 6.56%ක බස් ගාස්තු වැඩිවීම කෙරෙහි අවධානය යොමු විය.

එහිදී අප සම්බන්ධීකරණ කමිටුවේ අදහස වුයේ එම  බස් ගාස්තු ඉහළ දැමීමට එකඟ විය හැකි බවයි. නමුත් බස් සේවාව තව දුරටත් ගුණාත්මක කිරීම වෙනුවෙන් රජය ඉක්මන් අවධානයක් යොමු කළ යුතු බවයි.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වීමට නියමිත 6.56%ක ගාස්තු ඉහළ දැමීමට අප සංගමය එකඟත්වය පළ කරනෙමු.

එසේම බස් රථ හිමියන්ගේ සංගම් ඉල්ලා සිටින ආකාරයේ 10%ක හෝ 20%ක ගාස්තු ඉහළ දැමීමකට අප සංගමය කිසිසෙත් ම එකඟ නොවන අතර අවම ගාස්තුව රුපියල් 15ක් දක්වා ඉහළ දැමීම කිසිසේත්ම යුක්ති සහගත නොවන බව අප අදහසයි.

මේ නිසා අද මධ්‍යම රාත්‍රියේ සිට බස් හිමියන්ගේ සංගම් විසින් සිදුකිරීමට නියමිත වර්ජනය සඳහාඅප සංගමයේ විරෝධය පල කරන්නෙමු.

බස් හිමියන් විසින් ඉල්ලා සිටින බස් ගාස්තු සංශෝධනය මඟී ජනතාවට දරාගත නොහැකි තත්ත්වයේ ගාස්තු ඉහළ දැමීමක් බව අප සංගමයේ අදහසයි.

ලක්ෂ ගණනක් වූ බස් රථ මගීන්ගේ විරෝධයට පිටුපාමින් රජය විසින් ඔවුන්ගේ ඉල්ලීම පරිදි ගාස්තු ඉහළ දැමීම සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් ඉදිරියේ දී දැඩි තීන්දු රැසක් ගැනීමට අප සංගමයට සිදුවන බව ද අප ප්‍රකාශ කිරීමට කැමැත්තෙමු.


ස්තුතියි,
මීට,
විශ්වාසී,

විමුක්ති දුෂාන්ත,
කැඳවුම්කරු,
කොළඹ දිස්ත්‍රික් බස් මඟීන්ගේ සංගමය