වැසි තත්ත්වයේ වැඩි වීමක්
May 16, 2018 10:54 am
දිවයින තුළ සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව දිවයිනේ බොහෝ පළාත්වල, විශේෂයෙන් සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
බස්නාහිර සහ දකුණු පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයෙත් උදෑසන කාලයේදීත් වැසි ඇති වේ.
විශේෂයෙන් මධ්‍යම, සබරගමුව, දකුණු,ඌව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී.100ක පමණ තද වැසි ඇති විය හැක.
සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත්, අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.