ධීවරයින්ට දැරීමට සිදුවන අතිරේක මුදල ගෙවීමට රුපියල් බිලියන 4ක්

ධීවරයින්ට දැරීමට සිදුවන අතිරේක මුදල ගෙවීමට රුපියල් බිලියන 4ක්

May 16, 2018   10:46 am

 

 

 
ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ධීවර ජනතාවට දැරීමට සිදුව ඇති අතිරේක පිරිවැය ගෙවීමට රජය මඟින් වෙන්කළ රුපියල් බිලියන 04ක මුදල සැබෑ ධීවරයා අතට පත්කිරීමේ වැඩපිළිවෙළක් සැකසීම වෙනුවෙන් ධීවර සංගම් නියෝජිතයින් සමඟ ඊයේ(15) දින පස්වරුවේ පැවති සාකච්ජාව ඉතාම සාර්ථකව පොදු එකඟතාවෙන් අවසන් කිරීමට හැකිවී තිබේ.

ඒ අනුව ධීවර සංගම් යෝජනා කරන පිළිගතහැකි පොදු එකඟතාව ක්‍රියාත්මක කිරීමට ද මෙම සාකච්ජාවේදී තීරණය වුහ.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය විජයමුණි සොයිසා, රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි,  නියෝජ්‍ය අමාත්‍ය අමීර් අලි, පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ජාව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයේදී ඊයේ(15) පස්වරු 03 සිට පස්වරු 06 පමණ වන තෙක් පැවැත් විණි.