මී ගවයින් 14ක් ලොරියකින් ප්‍රවාහනය කරද්දී 3ක් මාට්ටු වෙයි

මී ගවයින් 14ක් ලොරියකින් ප්‍රවාහනය කරද්දී 3ක් මාට්ටු වෙයි

May 16, 2018   10:19 am

 

 

මොණරාගල - දඹගල්ල පොලීසියට ලද තොරතුරක් අනුව සිදු කළ වැටලීමකදී නීති විරෝධීව මී ගවයින් දාහතර දෙනෙකු ප්‍රවාහනය කළ ලොරි රථයක් සමඟින් සැකකරුවන් තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ගවයින් මොණරාගල මැදගම ප්‍රදේශයේ සිට අම්පාර සමන්තුරේ ප්‍රදේශය දක්වා ප්‍රවාහනය කරමින් සිට ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් මැදගම ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බව පොලීසිය කියයි.

කලක සිට සැකකරුවන් ඉතා සූක්ෂමව මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බවට මූලික පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන දඹගල්ල පොලීසිය සිදුකරයි.