පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම්වලට කාගෙවත් බලපෑම් එල්ල වුනේ නෑ

පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම්වලට කාගෙවත් බලපෑම් එල්ල වුනේ නෑ

May 16, 2018   10:11 am

 

පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් සඳහා ඇතැම් දේශපාලයින්ගේ  බලපෑම් එල්ල වූ බවට වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව රාජ්‍ය කළමණාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.

කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

පොලීස්යේ උසස්වීම්, බඳවා ගැනීම් හා මාරුවීම් සම්බන්ධයෙන් පැහැදිලි ක්‍රමවේදයක් මේ වන විට සකසමින් සිටින බව අමාත්‍යවරයා සඳහන් කළේය.

පොලිස් ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධයෙන් වෙනම අධ්‍යනයක් සිදුකර වෙනම කමිටුවක් පත්කර ඒ එන වාර්තාව අනුව පොලිස් මාරුවීම් කිසිවෙකුට අසාධාරණයක් නොවන ආකාරයට සකස් කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් සඳහා විවිධ බලපෑම් එල්ල වන බවට පලවන වාර්තා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බවත් පොලීසියේ ඇති සියලුම පුරප්පාඩු ඉදිරියේදී පිරවීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.