වසරකට එක් වරක් පමණක් දකින්න ලැබෙන දිය ඇල්ලක තොරතුරු මෙන්න

වසරකට එක් වරක් පමණක් දකින්න ලැබෙන දිය ඇල්ලක තොරතුරු මෙන්න

May 16, 2018   09:51 am

 

වසරකට එක් වරක් පමණක් දැකගත හැකි අපූරු දිය ඇල්ලක් බදුල්ල රිල්පොල මැදගම ප‍්‍රදේශයේදී දැකගත හැකිවිය.

නමුණුකුල කඳු පන්තියෙන් ආරම්භ වන මෙම දිය ඇල්ල ‘නිල්මිණි ඇල්ල’ නමින් ජනතාව අතර ප‍්‍රචලිතවී තිබේ. 

නමුණුකුල කඳු වැටියෙන් හටගන්නා මෙම දියඇල්ල කුඩා ඔය නමින් හඳුන්වන ගඟක් දිගේ ගලා විත් බදුලූ ඔයට එක්වෙයි.
 
මේ දිනවල පවතින වර්ෂාවත් සමඟ දියඇල්ල දර්ශණය වීමට පටන් ගෙන තිබේ. 

දිය ඇල්ල ආසන්නයට ලඟාවීම දුෂ්කර වුවද එහි අලංකාරත්වය ඈත සිටම නැරඹීමට හැකි පරිදි සොබාදර්මය විසින්ම සැකසී ඇති අයුරු ඉතා චමත්කාර ජනකය.
 
දිය ඇල්ල දැකබලා ගැනීමට නම් බදුල්ල වේවැල්හින්න මාර්ගයේ පැමිණ මැදගම මාර්ගයේ කිලෝ මීටරයක් පමණ පැමිණි පසු මෙම දිය ඇල්ල දර්ශණය වෙයි.