සූඩුවෙන්දපිලව් වැව් රක්ෂිතයේ තිබී පුද්ගල මළ සිරුරු 2ක් සොයාගනී

සූඩුවෙන්දපිලව් වැව් රක්ෂිතයේ තිබී පුද්ගල මළ සිරුරු 2ක් සොයාගනී

May 16, 2018   07:35 am

 


වවුනියාව පාවක්කුලම,සූඩුවෙන්දපිලව් වැවේ  තිබී පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු දෙකක් අද(16) උදෑසන සොයාගෙන ඇති බව වවුනියාව පෙරියඋළුක්කුලම පොලීසිය පවසයි.

පොලීසිය පැවසූවේ වවුනියාව සූඩුවෙන්දපිලව් ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි එස්.මුස්තාපා නමැති පියෙකුගේ හා වයස අවුරුදු 15 ක් වු එම්.සයාස් නමැති දරුවෙකුගේ මළ සිරුරු එලෙස සොයාගෙන ඇති බවයි.

මියගිය පුද්ගලයින් පියා හා පුතා වන බවද පොලීසිය අනාවරණය කොටගෙන ඇත.

සතුන් මැරීමට වැව් සීමාවේ ඇද තිබු විදුලි රැහැනක ගැටීමෙන් මරණයන් සිදුව ඇති බවට පොලීසිය සැක පළ කරන අතර, සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව, පෙරියඋළුක්කුලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.