සුන්දර පරිසරයක් විනාශ කරමින් සතුන් මරණ තැනක් උකුසු ඇසට

සුන්දර පරිසරයක් විනාශ කරමින් සතුන් මරණ තැනක් උකුසු ඇසට

May 15, 2018   07:29 pm

ඓතිහාසික භූමි ප්‍රදේශයක් වන ආණමඩුව පරමාකන්ද ප්‍රදේශය නීතිවිරෝධී කටයුතු රැසක තෝතැන්නක් වෙමින් විනාශ මුඛයට යමින් පවතින බව අද දෙරණ උකුස්සාට අනාවරණ විය.

අද උකුස්සාගේ හෙළිදරව්ව ඒ පිළිබඳයි.

වළගම්බා රජ සමයට අයත් ආණමඩුව පරමාකන්ද රජමහා විහාරස්ථානය නෙත් කලු දසුනින් හා සුන්දරත්වයෙන් පිරිපුන් වන සතුන්ගෙන්ද ගහන ප්‍රදේශයක්.

එහෙත් කලක පටන් සිත් පිත් නැති නොමිනිසුන් පිරිසක් විසින් මේ සුන්දර පරිසරය විනාශ කරමින් එහි දිවිගෙවන අහිංසක වන සතුන්ද මරා දමමින් සිටින බවට අද දෙරණ උකුස්සාට තොරතුරු අනාවරණ විය.

ඒ අනුව දින ගණනක් පුරා එම ප්‍රදේශයේ ගවේෂණය කළ උකුස්සාට එහිදී පළමුව දැකගත හැකි වුණේ මෙම විහාරස්ථානය  අවට භූමි ප්‍රදේශයේ පිරිසක් සතුන් දඩයම් කිරීම සඳහා බදින කදන් තැන් තැන්වල සවි කරන  ආකාරයයි.

ප්‍රදේශයේ තවත් පිරිසක් නීති විරෝධී අයුරින් වැලි කැණීම් සිදුකර ඇති ආකාරය ද උකුසු අසට හසු විය.

මිනිස් ගහනයෙන් තොරවූ මෙම ප්‍රෙද්ශයේ පාරිසරික නීති නොතකමින් මහා පරිමාණයෙන් ගල්කොරියක් ද පවත්වා ගෙන යයි.

ස්වභාවික පරිසරය සහ වන සතුන් ආරක්ෂා කිරීමට කොතරම් බලධාරීන්  යොදා සිටියද ඔවුන්ගේ ඇසට වැලිගසමින් පරිසර ජාවාරම්කරුවන්  සිදුකරන විනාශය වලක්වා ගැනීමට කටයුතු කරන තෙක් උකුස්සා සීරුවෙන්.