අවුරුදු 107 මතකය ආවර්ජනය කළ අප්පු  සිඤ්ඤෝ

අවුරුදු 107 මතකය ආවර්ජනය කළ අප්පු සිඤ්ඤෝ

May 11, 2018   03:18 pm

 

1912 මැයි මස 08 වනි දින උපන් 107 හැවිරිදි දෙනගම ආරච්චිලාගේ අප්පු  සිඤ්ඤෝ නැමති පුද්ගලයෙක් විරකැටිය, ගෝනදෙනිය පහලයාය ප්‍රදේශයේදී අද දෙරණ අපට හමු විය.

මුනුබුරන් මිනිබිරියන් 101ක් පමණ සිටින මෙම පුද්ගලයා දැනට තම ලොකු දුවගේ පුතෙකු ළග දැනට ජීවත් වන බව අද දෙරණ වාර්තාකරු පැවසීය  

හම්බන්තොට ප්‍රදේශයේ සිටින වයස්ගතම පුද්ගලයා වන ඔහුගේ 107වන උපන්දිනය පසුගියදා වීරකැටිය ප්‍රදේශය ලේකම් තුමියගේ මඟපෙන්වීම යටතේ ප්‍රදේශිය ලේකම් කාර්යාලයේ දී පැවැත් විය.

විශේෂත්වය තවමත් ඔහු ශ්‍රව්‍ය ද්‍රශ්‍ය අබාධයකින් තොරව සීටිම බව ඥාතීන් පවසයි. 

මෑත කාලයක්ම වනතුරු අප්පු සිංඤ විසින් රටේ කෘෂි ආර්තිකය නගා සිටුවීමට ගොවිතැන් බත් කළ බව පවසන්නේ ආඩම්බරයෙනි.