තාත්තගේ අවමඟුලෙන් පවා මහානාම ගසාකෑවා - නලින් ගුණවර්ධන කියයි

තාත්තගේ අවමඟුලෙන් පවා මහානාම ගසාකෑවා - නලින් ගුණවර්ධන කියයි

May 9, 2018   01:37 pm

 

කන්තලේ සීනි සමාගමේ ආයොජකයින්ගෙන් කප්පම්  මුදල් ලබාගැනීමේදී අත් අඩංගුවට පත්වූ හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ආචාර්ය අයි.කේ. මහානාම මහතා තම පියාණන් වූ හිටපු ඉඩම් අමාත්‍ය එම් කේ ඩී එස් ගුණවර්ධන මහතා සම්බන්ධයෙන් කර ඇති ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බව හිටපු අමාත්‍යවරයාගේ පුත් නලීන් ගුණවර්ධන මහතා පවසයි. 

අද(09) පෙරවරුවේ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය  විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයාගේ පුත් නලින් ගුණවර්ධන මහතා කියා සිටියේ තම පියා මරණ මංචකයේදී සීනි කර්මාන්ත ශාලාවේ ආයෝජකයින්ගෙන් මුදල් ඉල්ලන ලෙස  අයි. කේ මහානාම මහතා විසින් කර ඇති ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් බවයි.

තමන් තම පියාගේ සම්බන්ධීකරණ ලේකම් වරයා ලෙස කටයුතු කළ බවත් එවැනි අල්ලස් ගැනීමේ සිදුවීම් වලට තම පියා කිසිදු ආකාරයකින් සම්බන්ධ නොවූ බව තමාට සහතික වශයෙන් කිව හැකි බවද සඳහන් කළේය.

මේ අතර තම පියා මියයාමෙන් පසු අවසන් කටයුතු වලින් පවාද මහානාම නැමති නිලධාරියා මුදල් ගසාකෑ බව කීම තමන්ට ලැජ්ජාවක් බව ද නලින් ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේය.

තම පියාගෙන් පසුව ජෝන් අමරතුංග අමාත්‍යවරයා ගේ සමයේ මෙම යකඩ ටෙන්ඩරය නාවුක හමුදාවේ ඉහළ පුද්ගලයෙකුගේ බිරිඳකට මෙම ටෙන්ඩරය ලබාදීමට උත්සහ කළ බවත් පසුව ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයාගේ සමයේ එම අවස්ථාව ඇහිරී ගිය බවත් පෙන්වා දුන් නලින් ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසූයේ තම පියා මියයන විට  ඉඩම් රෙජිස්ටාර් කොමිසමේ පැරණි නිල නිවසක ජීවත්වූ බව ද පැවැසීය.