Back to Top

තවත් මත්ද්‍රව්‍යයක් උකුස්සාට හසුවෙයි

තවත් මත්ද්‍රව්‍යයක් උකුස්සාට හසුවෙයි

May 1, 2018  01:01 pm

Bookmark and Share

බ්ලැක් මැන්ඩි යනු මෙරට මත්ලෝලීන් අතර මේ දින වල ශීඝ්‍රයෙන් පැතිර යන මත්ද්‍රව්‍ය විශේෂයක්.

අද දෙරණ උකුස්සා සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය සමඟින් එක්ව එම මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත තිදෙනෙක් නීතියේ රැහැනට හසුකරගැනීමට දායක විය.

රාත්‍රී සාද සංස්කෘතිය මේවන විට දිවයින තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්තවෙමින් පවතියි.

එහි විශේෂත්වය වන්නේ අග නගරය මෙන්ම අගනගරයෙන් එහා සංචාරක ආකර්ශනීය ස්ථානවල මේ සාද විවිධ ආකාරයෙන් සංවිධාන වීමයි.

අද දෙරණ උකුස්සා අවස්ථා  රැසකදී එවැනි සාද හමුවේ විනාශ වන තරුණ ජීවිත ගැන රටට හෙළි කළේය.

එවන් පසුබිමක තංගල්ල රැකව ප්‍රදේශයේ වෙරළ ආශ්‍රිත රාත්‍රී සාද සංවිධාන කරන ඔස්ට්‍රියා ජාතිකයෙකු එම්.ඩී.එම්.ඒ හෙවත් බ්ලැක් මැන්ඩි එම සාද සඳහා සහභාගී වන තරුණයින්ට අළෙවි කරන බවට තොරතුරු අනාවරණ විය.

ඒ අනුව මත්ලෝලීන් විසින් එන්නත් කරගන්නා මෙම මත්ද්‍රව්‍ය සොයා කොළඹ සුරාබදු වි‍ශේෂ මෙහෙයුම් ඒකකය අද දෙරණ උකුස්සාද සමඟින් ඔස්ට්‍රියා ජාතිකයා නවාතැන් ගෙන සිටි ස්ථානයට පැමිණියේය.

මෙහිදී  අත්අඩංගුවට ගත් ඔස්ට්‍රියා ජාතිකයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වුණේ මෙම මත්ද්‍රව්‍ය ග්‍රෑම් එකක් රුපියල් දහහතර දහසකට අලෙවිකරන බවයි.

එමෙන්ම මෙම මත්ද්‍රව්‍ය තමන්ගේ යට ඇඳුම් තුළ සඟවාගෙන රැගෙන ආ බව ද ඔහු ප්‍රකාශ කළේය.

පසුව විදේශිකයාගේ ලාංකික මිතුරන් දෙනෙකු ද අත්අඩංගුවට ගනු ලැබුවේ රුපියල් ලක්ෂ 2ක් පමණ වටිනා හෂීස් නැමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 240ක්ද සමඟිනි.

සමස්ථ වැටලීමේදී සුරාබදු නිලධාරීන් මෙරටින් පළමු වරට අත්අඩංගුවට ගත් එම්.ඩී.එම්.ඒ හෙවත් බ්ලැක් මැන්ඩි ග්‍රෑම් 82කේ වටිනාකම රුපියල් ලක්ෂ 12ක්.

මෙරට තරුණ පරපුර බිලිගන්නා තවත් මෙවැනි ජාවාරම් සොයා උකුස්සා සිරුවෙන්.